දේශීය පුවත්

සුදු වෑන්වලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමු පැවත් වු පුද්ගලයින් මෙහෙයවු පිරිස් හා ඔවුන්ට මුදල් ලබාදුන් අය සම්බන්ධයෙන් නුදුරේදිම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද (14) පන්නිපිටියේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ස්විට්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්දයෙන්ද අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ එයට වත්මන් රජය අපහාසුතාවයට පත් කිරීමට කළ ක්‍රියාවක් බවයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

” ජනාධිපතිතුමාට කොපමණ අපහාස කළාද කියලා දන්නවා, අවසාන අවස්ථාවේ හිටපු ඇමතිවරයෙක් රැවුල්කාරයෝ දෙන්නෙක් එක්ක මාධ්‍ය හමුවක් තිබ්බා.

ලොකු විස්තරයක් කළා, සුදු වෑන්වලින් ගෙනිහිල්ලා කිඹුලන්ට කන්න දැම්මා කිව්වා.

අපි ඒ ගැන හොයන්න පරීක්ෂණයක් පටන් ගත්තා, එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.

ඉදිරියෙදී වඩිග පටුන නටපු දෙන්නා දකින්න ලැබෙයි. ඒ අයව මෙහෙයවු , දීපු මුදල් ප්‍රමාණය හෙළ වෙයි.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More