විදේශ පුවත්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ‘බ්‍රෙක්සිට්’ ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට තමන්ට “ඓතිහාසික” මැතිවරණ ජයග්‍රහණයක් ලබා දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයට කළගුණ සලකන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර පැතීම පිණිස බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිණ හමුවිය.

“ජනතාවගේ ආණ්ඩුවක්” පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බවට ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව අමතමින් ඔහු කියා සිටියේය.

මෙම ප්‍රතිඵලය තුළින් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා තමන්ට ජන වරමක් හිමි වන බව ද ඔහු පැවසීය.

1987 දී අගමැතිනි මාග්‍රට් තැචර් තුන්වෙනි වරටත් ජයග්‍රහණය කළ අවස්ථාවෙන් අනතුරුව කොන්සර්වෙටිව් පක්ෂය මෙතරම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රථම වතාව මෙය වේ.

“නව උදාවක්”
සිය ජයග්‍රහණයෙන් අනතුරුව ආධාරකරුවන් අමතමින් බොරිස් ජොන්සන් එය විග්‍රහ කළේ “නව උදාවක්” ලෙසිනි. 1997 දී මහ මැතිවරණය ජයග්‍රහණය කළ අවස්ථාවේ ටෝනි බ්ලෙයාර් ද සිය ජයග්‍රහණය විස්තර කළේ එලෙසය.

පළමු වතාවට සිය පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව පැවසූ ලේබර් පාක්ෂික ඡන්දදායකයන්ට ද ඔහු සිය ස්තුතිය පුද කළේය.

“ලබන වතාවේ ඔබ යළිත් ලේබර් පක්ෂය වෙත යාමට අපේක්ෂා කරනවා විය හැකියි,” ඔහු පැවසීය. “එසේ වුවත්, ඔබ මා කෙරෙහි එවැනි විශ්වාසයක් තැබීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා.”

ඒ විශ්වාසය බිඳ නොදමමින්, ජනවාරි 31 වෙනි දින වනවිට බ්‍රිතාන්‍යය අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය.

ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයට බරපතල පරාජයක් අත්වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විපක්ෂනායක ජෙරමි කෝබින් කියා සිටියේ, යළිත් වරක් මැතිවරණයක් සඳහා පක්ෂයට නායකත්වය නොදෙන බවය.

* කොන්සර්වේටිව් පක්ෂය – ආසන 364
* ලේබර් පක්ෂය – ආසන 203
* ස්කොට්ලන්ත ජාතික පක්ෂය – ආසන 48
* ලිබරල් ඩිමොක්‍රට් පක්ෂය – ආසන 11
* ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය – ආසන 8
* ෂින් ෆේන් – ආසන 7
* ප්ලයිඩ් කම්රි – ආසන 4
* සෝෂල් ඩිමොක්‍රටික් සහ ලේබර් පක්ෂය – ආසන 2
* හරිත පක්ෂය – ආසන 1
* අලයන්ස් පක්ෂය – ආසන 1

පසුගිය දා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රබල ජයග්‍රහණයක් අත්පත් කරගත් බ්‍රෙක්සිට් පක්ෂය එක් පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනාගැනීමට සමත් වී නැත.

වැඩි ඡන්ද 149 කින් සිය ආසනය ද පරාජයට පත්වීමෙන් අනතුරුව ලිබරල් ඩිමොක්‍රට් පක්ෂයේ නායිකා ජෝ ස්වින්සන්ට පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට සිදු විය.

පරාජයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට ලිබරල් ඩිමොක්‍රට් පක්ෂයේ නායිකා ජෝ ස්වින්සන්ට සිදු වී තිබේ
ශ්‍රී ලංකාවෙන් සුභපැතුම්
කොන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් ද බොරිස් ජොන්සන්ට සුභ පැතුම් පිරිනැමූහ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ, මේ ජයග්‍රහණය බොරිස් ජොන්සන්ගේ “තීරණාත්මක නායකත්වයේ” ප්‍රතිඵලයක්ය යන්න තමන්ට නිසැක බවය.

BBC



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More