පුරවැසි කොලම

රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන ගියේ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ සහායෙනි. ඔහු සුරිච් නුවරට පැමිණියේ සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයකින් නොව ස්‌විස්‌ තානාපති කාර්යාලය ලබාදුන් සංක්‍රමණික අයදුම්පතක්‌ හා ඊට අදාළ විශේෂ සංක්‍රමණික වීසා බලපතකිනි.

මේ අයදුම්පත්, වීසා බලපත් ගැන කටයුතු කරන වී. එස්‌. එස්‌. ග්ලෝබල් සමාගමෙන් ලබාගත නොහැක. එසේ නම් නිශාන්ත සිල්වා පැනයැමේ මෙහෙයුම සතිකිහිපයකට පෙර සිට දියත් වී තිබුණි.

මෙහිදී නැෙ`ගන බරපතල ප්‍රශ්නය නම් දින දෙකකට පෙර තම රාජකාරි පිස්‌තෝලය සහ යතුරුපැදිය බලධාරීන්ට භාරදීමට නිශාන්ත සිල්වා ක්‍රියා කළත් ඒ ගැන රහස්‌ පොලිසියේ උසස්‌ නිලධාරීන් ආරක්‍ෂක ලේකම්ට සහ වැඩබලන පොලිස්‌පතිට වසන් කිරීමයි.

මේ ගැන වගකිවයුතු පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව මෙතෙක්‌ විනයානුකූල පියවරක්‌ ගෙන නැත.

මෙවන් පසුබිමක්‌ යටතේ ස්‌විස්‌ තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ගිය බව කියන සිද්ධියක්‌ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක්‌ කිරීමට පෙර ස්‌විස්‌ තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික පිරිස්‌ සබඳකම් පවත්වන වෙබ් අඩවියක්‌ එම පැහැර ගැනීම වාර්තා කර තිබුණි.

මේ අතර නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැනගොස්‌ අදට දින 19 ක්‌ ගත වී ඇතත් රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ අවසාන වීමටත් පෙරම පැවසුවේ මේ සිද්ධිය බරපතල බවයි. එසේ නම් රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා පැනයැම බරපතල සිදුවීමක්‌ නොවේද?

මේ ස්‌විස්‌ තානාපතිනියට චරිත සහතිකයක්‌ දීමට මෙරට ජර්මානු තානාපති ද ක්‍රියා කළේය. ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වූ සුදර්ශන ගුණවර්ධන නමැත්තා මහ රෑ රහස්‌ පොලිස්‌ මූලස්‌ථානය අසලට පැමිණියේය. මින් එම සිදුවීම් එකිනෙකට සම්බන්ධ බව සනාථ වේ.

මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරිනිය තමා උබර් කුලී රියකින් ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය අසලට පැමිණි බව පැවසුවත් ජී. පී. එස්‌. තාක්‍ෂණය තුළින් හෙළි වූයේ ඇය පැවසූ කාලසීමාවේදී එම ප්‍රදේශයේ උබර් කුලීරියක්‌ ධාවනය නොවූ බවයි.

මේ නිසා ඇගේ ප්‍රකාශය පරස්‌පර විරෝධී බව තහවුරු විය. මේ නිලධාරිනියගේ ප්‍රකාශයේ පරස්‌පර විරෝධතා ඇති බව ස්‌විස්‌ තානාපතිම පිළිගෙන ඇත.

මෙම කාරණාව මත රජයේ වෛද්‍යවරුන් ඇය විමර්ශනයට ලක්‌කිරීමට පෙර තානාපති කාර්යාලය යෙද වූ වෛද්‍යවරු දෙදෙනකු විසින් ගානියා ප්‍රැන්සිස්‌ පරීක්‍ෂාවට ලක්‌ කර තිබේ.

මෙම ක්‍රියාදාමය මෙරට නීතිරීතිවලට පටහැනිය. රජය මේ ගැන ප්‍රශ්න කරන්නේද නැත. තානාපති කාර්යාලයට මෙවන් නීතිවිරෝධී ක්‍රියා සිදුකළ හැකිද?

මෙවන් දෙයක්‌ වසර ගණනාවකට පෙර සිදු විය. කොළඹ බුරුම තානාපතිවරයාගේ බිරිඳ වෙඩි වැදීමකින් මරුමුවට පත්වී ඇගේ සිරුර කඩිනමින් ආදාහනය ස්‌විස්‌ තානාපති හාන්ස්‌ පීටර් ටොන් එම නිලධාරියාට සංක්‍රමණික වීසා දුන්නේ කෙසේද? එම නිලධාරියා ගැන කිසිදු තොරතුරක්‌ අනාවරණය කර නැත.

මෙය වියනා සම්මුතිය උල්ලංඝනය කිරීමකි.

මෙවන් පසුබිමක්‌ මැද ස්‌විස්‌ විදේශ කටයුතු කාර්යාලය නිලධාරිනියට අදාළ සිද්ධිය ගැන දොස්‌ න`ගන්නේ මෙරට මාධ්‍යවලටය.

ස්‌විස්‌ විදේශ කටයුතු කාර්යාලය මෙලෙස පවසා ඇත. zzනිලධාරිනියට අදාළ සිද්ධිය ගැන මාධ්‍ය කටයුතු කළ ආකාරය වැරදියි. ඔවුන් රහස්‌ පොලිසිය අසල රැකගෙන සිටියා.ZZ

එහෙත් රජයේ අවසරය නොලබා රාජ්‍ය නිලධාරියකුට මෙරටින් පැනයැමට උදව් කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ මේ සඳහා සහාය වීම ගැන තානාපති මොක්‌ වගකිවා …….. වෙනත් රටක නම් එම තානාපති පිටුවහල් කෙරේ. ඇමෙරිකාවේ සිදු වූ සිදුවීමක්‌ ගැන ඇමෙරිකානු රජය ඉන්දීය තානාපති නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබුණි.

එහෙත් ස්‌විස්‌ තානාපති මොක්‌ රහස්‌ පොලිස්‌ නිලධාරියා පැනයැම ගැන අද වන තෙක්‌ ප්‍රකාශයක්‌ කර නොමැත.

එසේම නිශාන්ත සිල්වාගේ පැනයැම වසන් කිරීම සඳහා නිලධාරිනිය පැහැරගෙන යැමේ ත්‍රාසජනක සිද්ධිය කරළියට පැමිණියේය.

එහිදී ස්‌විස්‌ රජයද එම නිලධාරිනිය විශ්වාස කළේය. තානාපති කාර්යාලය තුළදී ඇගේ කටඋත්තර ගන්නැයි තානාපති මොක්‌ රජයට කියා සිටියේය.

එසේ වුවත් තානාපති වරප්‍රසාද උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට තානාපති මොක්‌ට හැකිද?

මේ හැර ස්‌විස්‌ විදේශ කටයුතු ඇමැතිනි පාස්‌කටේල් කිරීමට තානාපතිවරයා කටයුතු කළේ රජයට තොරතුරු වසන් කිරීමෙනි.

පසුව මේ සිද්ධිය බුරුම රජයට වාර්තා වී තානාපතිවරයා එරටට කැඳවා විමර්ශනයක්‌ පවත්වා ඔහු අධිකරණයට යොමු කිරීමෙන් සිරදඬුවමක්‌ නියම විය.

මේ සිදුවීම තානාපති වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි.

මෙරට සිටින විදේශ තානාපතිවරු රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ මුල් අවස්‌ථාව මෙය නොවේ.

වන්නි මෙහෙයුම නතර කිරීමට තානාපතිවරු රැසක්‌ උත්සාහ දැරූහ. නෝර්වේ තානාපති හැන්ස්‌ බ්‍රට්‌ස්‌කාර් සාම්පූර් මෙහෙයුම නතර කිරීමට එවකට ජනපති මහින්ද රාජපක්‍ෂ හමුවිය.

මේ පසුබිම මැද ස්‌විස්‌ තානාපති හාන්ස්‌aa පීටර් මොක්‌ තානාපති වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව පැහැදිලිය. ඔහුට ලැඡ්ජාවක්‌ තිබේ නම් මෙරටින් පිටව යා යුතුය. නිශාන්ත සිල්වා පැන යැම ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක්‌ ස්‌විස්‌ රජයට නිල වශයෙන් පැමිණිලි කර නැත.

හිටපු කේ. ජී. බී. රහස්‌ ඔත්තු සේවා නිලධාරියකු බ්‍රිතාන්‍යයට පැන ගිය අවස්‌ථාවේ රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් ඔහු රුසියාවට භාර දෙන ලෙස බ්‍රිතාන්‍යය රජයට දැනුම් දී තිබුණි.

බ්‍රිතාන්‍ය ඊට එක`ග නොවූ අතර පසුව එම රහස්‌ ඔත්තුකරු විෂ ශරීරගත වීමකින් මරුමුවට පත්විය.

මෙවන් පසුබිමක්‌ මැද ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැනයැමක්‌ සිදුවූයේ නැති බවත් ස්‌විස්‌ සහාය මැද ඔහු බටහිර රටවල් සුරිච් නුවරට ගෙන්වා ගත් බවයි.

නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට ගෙන ඒමේ මෙහෙයුම සෑහෙන කලක සිට ඉතා රහසිගතව දියත් වූ බවත් යහපාලන රජයේ ඇතැම් පාර්ශව ඊට සහය දැක්‌වූ බවත්ය.

රහස්‌ පොලිසියේ රහස්‌ වාර්තා කල්තියාම මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ලැබුණා. මේ ගැන යපාලන රජය නිහඬව සිටියා. ජනපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ පත්වීම නිසා ඔහු ප්‍රමුඛ වන්නි හමුදා නායකයන් යුද අපරාධවලට යොමු කිරීමේ අන්තර්ජාතික මෙහෙයුමක්‌ දියත් වුණා. එහෙත් ඒ ගැන අවධානය යොමු වී තිබුණේ නැහැ. නිශාන්ත සිල්වාට සංක්‍රමණික වීසා ලබාදීමෙන් මේ රහස්‌ සැලසුම තහවුරු වුණා යෑයි එම ආරංචි මාර්ග කීවේය.

මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇති චෝදනා ලත් ප්‍රධානීන් මෙසේය.

1. ජනපති ගෝඨාභ්‍ය රාජපක්‍ෂ – 2 හමුදාපති ශවේන්ද්‍ර සිල්වා 3. හිටපු නාවික හමුදාපතිවරුන් වූ වසන්ත කරන්නාගොඩ සහ රවින්ද්‍ර විඡේගුණරත්න 4. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න 5. මේජර් ජනරාල් බොනිපස්‌ පෙරේරා 6. මේජර් ජනරාල් සුමේධ පෙරේරා

මෙම ආරක්‍ෂක ප්‍රධානීන්ට එරෙහිව නඩු ගොනු කිරීමට සාක්‍ෂි සොයමින් සිටි බටහිර රටවල් නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට ගෙන ඒමේ මෙහෙයුම ඉතා සූක්‍ෂ්මව දියත් කර තිබුණි.

ඒ අවස්‌ථාව ඔවුන්ට හිමි වුයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපතවීමත් ඔහු ජිනීවා යෝජනාව පිළිගන්නේ නැති බවත් ප්‍රකාශ කිරීම නිසාය.

මේ අනුව ස්‌විස්‌ තානාපති කාර්යාලය දියත් කළේ ඊශ්‍රායල් මොසාඩ් ක්‍රමයේ මෙහෙයුමකි.

එසේ වුවත් නිලධාරිනිය ගැන හඬ න`ගන ස්‌විස්‌ තානාපති, නිශාන්ත සිල්වා ස්‌විස්‌ ගියේ කෙසේදැයි රජයට හෙළි කර නැත.

මේ ගැන ඔහු මේ වනතුරු විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවේ කරුණු දක්‌වා නොතිබීම පුදුමයකි.

නිශාන්ත සිල්වාට පෙර ස්‌විස්‌ටර්ලන්තයට පැමිණි මාධ්‍ය පාර්ශවයක්‌ මානව හිමිකම් නිලධාරීන් හමුවේ ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රජපක්‍ෂට සහ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සාක්‌කි දුන්නේය.

නිශාන්ත සිල්වා සුරිච් නුවරට පැමිණීම යනු එම ක්‍රියාදාමයේ දෙවැනි පියවරයි.

මේ පසුබිම මත ඉදිරියේදී ස්‌විස්‌ තානාපති කාර්යාලයේ අබිරහස්‌ මෙහෙයුම හෙළි වනු නියතය.

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජිනීවා යෝජනාවට සහාය දැක්‌වූ රටවල් අතරින් එක්‌ රටක්‌ වන්නේ ස්‌විස්‌ටර්ලන්තයයි.

කීර්ති වර්ණකුලසූරිය –

දිවයින් පුවත්පතින් උපුටා ගන්නා ලදී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More