දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත.

සභා ගැබෙහි ආසන සකස්කර තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට ආසන 116 ක් සහ විපක්ෂයට ආසන 116ක් ලෙසිනි. එහෙත් අලුත් ආණ්ඩුවේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව 96කි. කථානායකවරයා හැර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 128කි. මේ නිසා විපක්ෂ මන්ත්‍රීන් 12 දෙනෙකුට විපක්ෂය පැත්තේ අසුන් ගැනීමට අවස්ථාව නොලැබේ. එනිසා ආණ්ඩුව පැත්තේ හිස්ව තිබෙන ආසන විස්සෙන් දොළහක් විපක්ෂයට ලබා දීමට සිදුවූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

සභා ගැබෙහි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනවල අසුන් ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More