විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට යෝජනා කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් 58 දෙනකු පමණ ජනාධිපතිවරණයේදී සෘජුව සහාය දක්වන ලදී. එම සංඛ්‍යාව මේ වනවිට 27 දක්වා අඩුවී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවට වූ යෝජනාවට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 27 දෙනකු පමණි. එම යෝජනාව සම්මත කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවන ලෙස ඉල්ලා මෙම මන්ත්‍රීවරුන් 27 දෙනා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිකුරාදා (13දා) ලිපියක් යොමුකර ඇත.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා එහි ප්‍රධානී තනතුර කථානායක කරු ජයසූරියට ලබාදිය යුතු බවට වූ යෝජනාවක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරුන් 20ක් පමණ එකතුව මේ වන විට ඉදිරිපත් කර ඇත. මෙම මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (13දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්කළ සය සාමාජික කමිටුවෙන් තලතා අතුකෝරල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය බ්‍රහස්පතින්දා (12වැනිදා) ඉල්ලා අස්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...