දේශීය පුවත්

සීල් මත්ස්‍යයාට බාධා එපා

December 14, 2019 1:05 pm | Lanka Lead News

මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

මෙම සීල් මත්ස්‍යා සිය ශාරීරික වෙනස්‌කම් සපුරා ගැනීම සඳහා ගොඩබිම ආසන්නයේ නිදහසේ රැඳී සිටින බවත්, යම් කලබලකාරී වතාවරණයකදී කෝපයට පත්ව සපා කෑමට පවා පෙළඹීමට ඉඩකඩ ඇති බවත් වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්‌ඩාර මහතා පවසයි.

එම නිසා ගල්පර ආශ්‍රිතව ගැවසෙන මෙම මත්ස්‍යයාගේ නිදහසට බාධා නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය නම් මත්ස්‍යයාට මීටර් 20 ක්‌ ඈතින් සිට නිරීක්‌ෂණය කරන ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලෝකය පුරා වෙසෙන ඇතැම් සත්වයන් ස්‌වකීය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා අයහපත් පාරිසරික සහ දේශගුණික තත්ත්වයන් මඟහරිනු පිණිස කිලෝමීටර් දසදහස්‌aa ගණන් ගෙවා විවිධ රටවල්වලට සංක්‍රමණය වන බවත්, එවැනි සත්වයන්ට ස්‌වකීය අවශ්‍යතා සපුරා ගැනීමට නිදහස අවශ්‍ය බවත් අධ්‍යක්‌ෂ ජනරාල්වරයා කියයි.

එක්‌සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සංක්‍රමණික වන සත්ව විශේෂයන් සංරක්‌ෂණය පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව නියෝජනය කරන බවත්, ඒ අනුව අප රටට අහඹු ලෙස සංක්‍රමණය වන සත්වයන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය නිරතුරුවම බැඳී සිටින බවත් ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකා දකුණු මුහුදු තීරය ආශ්‍රිතව වාර්තා වන සීල් මත්ස්‍යයා සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස්‌ සමුද්‍ර ඒකකය, වෙරළාරක්‌ෂක දෙපාර්තමේන්තුව සමග එක්‌ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතව සිටින බවත්, එබැවින් මෙම මත්ස්‍යයා යළිත් තම නිජභූමිය වෙත නිරුපද්‍රිතව පිටත් වන තුරු සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සහාය වන ලෙසත් අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More