මෙරට ස්‌විස් තානාපති හැන්ස් පීටර් මොක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක් බව රජය සොයාගෙන ඇත.
එම අර්බුදයට ඔහු සෘජුව මැදිහත් වුණා යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය.
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවට ස්‌විස් තානාපති ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළේය.
මේ නිසා තානාපති නිලධාරිනියගේ සිද්ධියේ පසුබිම හෙළි වී තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පළ කළහ.
මේ නිසා ස්‌විස් තානාපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකට පමණක් පක්‍ෂග්‍රාහීව ක්‍රියාකර ඇත.
ඔහුගේ මේ ක්‍රියාදාමය වියානා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ආරංචි මාර්ග පළ කළේය.
දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...