රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පැවැත්වූ ඝාතන සිදුවීම්වලට අදාළ රහස් පොලිසියේ රහස් වාර්තා 2016 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදී ඇති බව අනාවරණය වෙයි.
මේ රහස් ලියවිලි මානව හිමිකම් කවුන්සිලය දුටු බව හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ද පිළිගෙන ඇත.
එහෙත් යහපාලන රජය ඒ ගැන කිසිදු විමර්ශනයක් කර නැත.
මුලින්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇත්තේ මඩකලපුව මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට අදාළ රහස් ලියවිලිය.
මේ අතර රහස් පොලිසිය විමර්ශනය කළ සිදුවීම්වලට අදාළ රහස් ලිපිගොනු 100 ක්‌ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකාට ලැබී ඇත. මේ බව ඇයද සනාථ කර තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...