ප‍්‍රධාන පුවත්

ඊයේ අවසන් වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1987න් පසුව ලබාගන්නා ලද දැවැන්තම මැතිවරණ ජයග්‍රහනය අත්පත් කර ගැනීමට එරට කොන්සර්වේටිව් පක්ෂය සමත් විය. ඒ සමස්ත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වන ආසන 650න් ආසන 364ක් දිනාගනිමිනි.එම ආසන සංඛ්‍යාව එරට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය වන ආසන 326 ට වඩා තවත් ආසන 38ක් වැඩිපුර ලබාගැනීමකි.

තවද දේශපාලන අනාවැකිකරුවන් පවසා සිටි කොන්සර්වේටිව් පක්ෂය බහුතර ආසන 74ක් ලබාගනු ඇතැයි පැවසූ පුරෝකතනයද අභිබවමින් බහුතර ආසන 80ක් දිනාගැනීමට කොන්සර්වේටිව් පක්ෂය සමත් වුනි.
කෙසේ වුවද කොන්සර්වේටිව් පාක්ෂිකයන් තම ජයග්‍රහනය උපේක්ෂාවෙන් යුතුව සමරද්දී “බ්‍රෙක්සිට්” විරෝධීහු ලන්ඩන් නුවර වීදිවලට බැස කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. ජයග්‍රහනයෙන් පසුව එරට ජාතිය ඇමතූ කොන්සර්වේටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතා පවසා සිටියේ “සුවපත් කිරීම ආරම්භ කිරීමට ඉඩ දෙන්න” යනුවෙනි.

එහෙත් නව අගමැතිවරයාගේ හඬට කන් නොදුන් “බ්‍රෙක්සිට්” විරෝධීහු ” බොරිස් ජොන්සන් අපේ අගමැති නොවෙයි” යනුවෙන් සටන් පාඨ කියමින් ලන්ඩන් පොලීසිය සමඟ ගැටුනහ. බොරිස් ජොන්සන් ගේ මැතිවරණ සටන් පාඨය වූයේ “බ්‍රෙක්සිට් ජයග්‍රහනය කරවමු!” යන්නයි.

විරෝධතා කරුවන්ගේ සටන් පාඨ ලියූ පුවරු අතර ” අකීකරු දක්ශිනාංශික පාලනය” සහ “ඉස්ලාම් භීතිකාව අතහරිනු!” වැනි වැකි කැපී පෙනුනි.ලන්ඩන් නුවර සිටින අප වාර්තා කරුවන් පවසන්නේ එරට සිටින ඊලාම්වාදීන්ද කොන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහනයෙන් පසුව බලාපොරොත්තු සුන්වූ අයවලුන් බවට පත්ව සිටින බවයි. ඔවුන්ගෙන් සමහරු මෙම උද්ඝෝශන වලට සහභාගි වී සිටි බවද පැවසේ.
කෙසේ වුවද මැතිවරන ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට දෙනු ලැබූ අවසරයක් බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

"බ්‍රෙක්සිට්" විරෝධීහු ලන්ඩන් පොලීසිය සමඟ ගැටෙති

"බ්‍රෙක්සිට්" විරෝධීහු ලන්ඩන් පොලීසිය සමඟ ගැටෙති

Gepostet von Lanka Lead News am Freitag, 13. Dezember 2019

මූලාශ්‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More