ඊයේ (13) පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පාලක කොන්සවෙටිව් පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. එය සැලකෙන්නේ 1987 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර් ලැබූ ජයග්‍රහණයෙන් පසු කොන්සවෙටිව් පක්ෂයට හිමිවූ ඉහලම ජයග්‍රහණය ලෙසයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයෙන් ආසන 364ක් කොන්සවේටිව් පක්ෂයට හිමි වුණි. එරට පාර්ලිමේන්තුවේ සමස්ත බහුතරය දිනා ගත හැක්කේ, ආසන 326ක් ජය ගන්නා පාර්ශවයටයි.
මෙම මැතිවරණයෙන් දැඩි ඊළාම් හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂය පරාජයට පත්වීමද විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...