දේශීය පුවත්

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම නීතිවිරෝධි වනවා පමණක් නොව තමන්ට අත්අඩංගුවට ගැනිමට හේතුව විමසු විට ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරිමක් කිරිමටද පොලිස් නිලධාරින් අපොහොසත්ව තිබෙන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පෙන්වා දෙයි.

කාන්තා ක්‍රියාකාරිනියන් කොටුව පොලීසිය වෙත කැඳවා ගෙන ගොස් තිබෙන අතර එහිදිද තමන් රැගෙන ඒමට ආදාළ නෛතික ප්‍රතිපාදන පිළිබඳව විමසු විට පොලිස් නිලධාරින්ගේ පිළිතුර වි තිබෙන්නේ ස්ථානාධිපතිවරයා පැමිණෙන තුරු සිටිය යුතු යන්නයි.

මෙම අත්අඩංගුවට ගැනිම සමාජ ක්‍රියාකාරිනියන් බියවැද්දිමට , ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරිමට හා දුර්වල කිරිමට දරන උත්සාහයක් බව පෙනෙන්නට තිබෙන බවත් මෙය කිසිසේත්ම අනුමත කළ හැකි හා පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් ඔවුහු අවධාරණය කරති. එමෙන්ම මෙය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමකි. එබැවින් මෙවැනි අත්අඩංගුවට ගැනිම්වලට එරෙහිවත් , ජනතාවගේ ක්‍රියාකාරි විමේ නිදහස ආරක්ෂා කිරිම උදෙසාත් පෙරට එන ලෙසත් සියලු දෙනාගෙන් ඔවුහු ඉල්ලා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More