2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය.
එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර තිබේ.
2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.
එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදු කළ රථය ලුහුබැඳගොස් නතර ගෙන තිබූ අතර අදාල තරුණයා පැවසුවේ එම අවස්ථායේ රථය පදවූයේ එවක කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා බවයි.
එම තරුණයා එසේ පැවසූවද අනතුර සිදු කළ රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලීසියට බාර වූයේ වෙනත් පුද්ගයෙක්.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාල අනතුර සිදු වූ ස්ථානවල තිබූ සීසීටීවී දර්ශන මැකී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.
ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්‍රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...