දේශීය පුවත්

පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙතෙක් එම රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයකදී පමණක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2019 දෙසැම්බර්  01 වැනිදා සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි දරුවන්ට එම  ප්‍රතිලාභ හිමිවේ.

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වයස අවුරුදු 5 – 21  වයස් සීමාවේ  පසුවන සියලුම පාසල් දරුවන් වෙත ලබාදීම රජයේ අරමුණ වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ  ලබා ගැනීමේදී  යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් ඇතිවුවහොත් අධ්‍යාපන අමාතත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112 784 163, 0113 641 555, 0112 784 872 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More