දේශීය පුවත්

ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කරන්න සිද්ධවුණත් දැනට ඇතිව තිබෙන අළුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීම බව අගමැතිවරයා සඳහන් කරයි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ සියළු ත්‍රස්තවාදින් ශ්‍රී ලාංකිකයින් බවත් මේ තර්ජනය අපේ රටට පමණක් සීමාවූ තර්ජනයක් නොවන බවත් කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහා මෙම ඉස්ලාමිය ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

” 2008 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයින් සහභාගිවී නොසිටි බවයි. නමුත් ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට පමණක් සිමා වෙලා නැහැ. කලාපයේ අනෙක් රටවලට මෙම තර්ජනය තිබෙන නිසා එය මර්ධනය කළ යුතුයි. මේ අවුරුද්දේ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමිය ත්‍රස්තවාදීන් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සහ කරමින් සිටින බවට ලද තොරතුරක් නිසා ඉන්දියාව පුරාම ආරක්ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්” අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කතාව පහතින් දැක්වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More