දේශීය පුවත්

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න නැමැත්තා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද (13) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ් සී අයි ඩී) වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඩීයට ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. ඉන්පසු අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‍ෂවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ මෙසේද සඳහන්ය.

“අවුරුදු 10ක කාලසීමාවක් යන තෙක් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක් සිදු කළ නොහැකි බව දැනදැනම කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදු කොට ඇති බවට සාක්ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප්‍රමාණය අතිමහත් ය. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27කට ආසන්න ය. මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද ඹෟෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වැය කොට ඇත. ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත.

අප විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More