දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳ විධිමත් පර්ක්ෂණයක් කැඳ වූ බවත්, ඒ අනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් ඒ හා සම්බන්ධ සියල්ලන්ට
එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මික කරන බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එන්ටර්පයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුදල් අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වනවිට වාර්තා වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

එහිදී එම වැඩසටහන හරහා ණය ලබාදීමේදී දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත ණය ලබාදී ඇතැයි පැහැදිලිව දක්නට ලැබෙන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, කැඳවා ඇති පරික්‍ෂණයේ වාර්තාව ලද වහාම ඒ පිළිබඳ වූ සත්‍ය තත්ත්වය ජනතාවට හෙළි කරන බවත් පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මුල සිටම චෝදනා එල්ල වුණා, විශේෂයෙන් ව්‍යාවසායකයන් නගාසිටුවීමට යැයි කියමින් දේශපාලන හිතවත්කම් හා පෞද්ගලික සබඳතා මතය. ලබාදීම් සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන් කිව යුතුයි ගම්වල කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ බොහෝ ව්‍යවසායකයන් මෙම වැඩසටහන හරහා ණය ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණත් ඒවා ඉවත දමා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අවශ්‍ය අයට මේ ණය ලැබිලා නෑ.

මම සාකච්ඡා කළා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාත් සමග. ඒ අනුව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ විධිමත් වාර්තාවක් මේ වනවිට කැදවා තිබෙනවා.

ණය ඉල්ලුම් කළ අය, ණය ලබා දුන් අය, ඒ අය කාගේ කවුද, ලබාදුන් ණය ප්‍රමාණය කොතෙක්ද යන සියලු කරුණු පිළිබඳ එමගින් පරික්ෂණ කරනවා. එවිට අපට තීරණය කළ හැකියි සිදුව ඇති අක්‍රමිකතා මොනවාද යන්න පිළිබඳ විශේෂයෙන් කිව යුතුයි.

මේ වැය කර තිබෙන්නේ ජනතා මුදල්. ඒවා අවභාවිත කළ නොහැකියි. අපි ඊට ඉඩ තබන්නේ නෑ, ජනතා විශ්වාස අපි ඒ ලෙසම ආරක්ෂා කරනවා. ඒ අනුව වාර්තාවේ අවසන් නිගමන ලද පසු වැඩසටහන හරහා මුල්‍යමය අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ හා සමිබන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිතිය ක්‍රියාත්මක කිරීමේදී අපි ඒ අය වී.අයි.පි. ද, නිලධාරීන්ද යන්න පිළිබඳ තැකීමක් කරන්නේ නෑ. නීතිය සැමට එකයි” යනුවෙන්ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More