දේශීය පුවත්

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දැනට සලකා බලන 40%ක කුසලතා පදනම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවයෙන් සලකා බලන සියයට 55 වෙනුවට පාසල් පදනමක් යොදා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණ, වාණිජ්‍ය හා කලාව යන විශයධාරා ඇති පාසල් 3098 පදනම් කරමින් මෙම පාසල් පදනම සලකා බැලීමට නියමිතය.

එය සළකා බැලීම වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් පත්කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම නව ක්‍රමය මේ වසරේ දෙසැම්බර් පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ නොවන බවත් 2020 වසරේ පැවැත්වෙන උසස්පෙළ විභාගයේදී සළකා බලන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඒ අනුව නව ලකුණු ක්‍රමය 2021 සරසවි ප්‍රවේශය සඳහා සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More