දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් 5ක ආසන සංවිධායකවරුන් පිරිසකගේ හමුවක් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ පසුගිය ජනාධිපතිවණයේදී සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට ස්තූතිය පළ කිරීමට සහ නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමඟද, ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ යුතු ආකාරය පිළිබඳ තවමත් සාකච්ඡා කර ගෙන යමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More