ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත නැගෙනහිර ආණ්ඬුකාර ධූරය ලබාදුන්නේ නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා බව නැගෙනහිර නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
ඊයේ (12) නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සියා සිටියාය.
පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සමගාමීව නැඟෙනහිර අයිතීන් සුරකීමේ සංවිධානය විසින් රුක්රෝපන වැඩ සටහනක්ද සංවිධානය කර තිබුණි.
මෙම උත්සව අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරි, නලින්ද කස්තුරි මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...