දේශීය පුවත්

පක්ෂ නායකත්වය ලබා නොදෙන්නේ නම් තවදුරටත් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.

පක්ෂ නායකත්වයේ ගැටුම සමථයකට පත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරුනද එම කමිටුවේ පළමු සාකච්ඡා වටය සාර්ථක වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම කමිටුවේ පළමු රැස්වීම දෙසැම්බර් 11 වැනිදා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවත්වුණි. එම හමුවට සහභාගී වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිස පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය හිමිවිය යුතු බවය.

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය සහ මීළඟ මහමැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති නිසා එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් එම හමුවට සහභාගී වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිස පෙන්වා දී ඇත.ඉන් පසු පක්ෂ නායකත්වය පිළිබඳව තීරණයක් ගත හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන තත්වයක් හමුවේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට සජිත් මහතාට සහයෝගය දක්වන මන්ත්‍රීවරු පිරිසක් සුදානමින් සිටින බවද සඳහන්.
මේ අතර ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සදහා කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කිරීම කෙරෙහි පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More