දේශීය පුවත්

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම නිසා ගොවිජනතාව සහ සාමාන්‍ය ජන සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව ගොවිසංවිධාන පවසයි.

නම සදහන් කිරීමට අකමැති ගොවි සංවිධාන  නිලධාරියෙකු අප සමග දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්
‘‘මේ ආණ්ඩුව  ආනයනික තිරිඟු පිටි සඳහා බහුජාතික සමාගම් වලට බදුසහන ලබාදීම අපි හෙළාදකිනවා. ස්ථාවර මිලක් නැතිව වී ගොවියා අන්ත අසරණ වී සිටින වෙලාවෙ ආණ්ඩුව  අපි තවත් අසරණ කළා. පසුගිය රජය ගොවිජනතාවට දක්වපු නොසැලකිල්ල මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන් නෑ. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා තාමත් මංගල සමරවීරද කියල අපිට අහන්න වෙනවා.‘‘

කෙසේ වෙතත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තවේදී පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ඊට හේතු දැක්වුවේ මෙසේය.

එහිදී “තිරිගු පිටි සඳහා වූ බද්ද සුළු වශයෙන් අඩු කිරීමට තීරණය කළේ වර්තමානයේ ඇති වී තිබෙන සහල් මිල ඉහළ යෑම නිසා ජනතාවට යම් පමණක සහනයක් ලබාදීමටයි. මේ හරහා අධික මිලට අලෙවි කරණ සහල් සඳහා ඇති තරගකාරීත්වය අඩු කිරීම. මෙය තාවකාලික තීරණයක්. ඒ වගේම දැනට පවතින ඒකාධිකාරී තිරිගු පිටි ආනයනය වෙනස් කිරීමටත් විවෘත ස්වභාවයකින් තිරිගු පිටි ආනයනයට අවශ්‍ය ප්‍රතිපාදන සැළසීමටත් ඉදිරියේදී කටයුතු සිදු කෙරෙනවා.” යනුවෙන්ද සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More