දේශීය පුවත්

සෑම ගමකටම ලක්ෂ 20ක මුදලක් වෙන් කිරීමටත්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් වෙන්කර ජනවාරි 31ට පෙර සංවර්ධන කටයුතු සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්චාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ සෑම මන්ත්‍රීවරයෙකුටම රැකියා 700ක් හා පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රැකියා 100ක් ජනවාරි වන විට ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

රටේ ජනතාව බලා සිටි යුගයක් අද උදා වී ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ වරප්‍රාද කප්පාදු කර එම මුදල් තැලෙන පොඩිවෙන දුප්පත් මිනිසුන් වෙනුවෙන් වෙන්වෙන යුගයක් ආරම්භ වී ඇති බවත් චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More