විදේශ පුවත්

උතුරු කොරියාවේ වත්මන් ක්‍රියා කලාපය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවන්නැයි අමෙරිකාව කරනු ලබන ඉල්ලීම මුග්ධ ක්‍රියවක් බව උතුරු කොරියාව පවසා සිටී.පියොන්ග් නගරයේ පිහිටි උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයෙකු මාධ්‍ය වෙත බ්‍රහස්පතින්දා(12) අදහස් දක්වමින් පවසා සිටියේ ” අපි සාකච්ඡාවට එළඹියද අමෙරිකාවට අපට දීමට තරම් දෙයක් නැහැ.” යනුවෙනි.

ඔහු වැඩිදුරත් අදහස් දක්වමින් පවසා සිටියේ ” අමෙරිකාව ලිඛිත කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.අපට නැතිවීමට කිසිදු දෙයක් නැහැ.අමෙරිකාව ලිඛිතව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට අප සූදානම්.” ලෙසයි.
බදාදා(11) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හමුව අතරතුර එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති කෙලී ක්‍රාෆ්ට් මහත්මිය පවසා සිටියේ එක්සත් ජනපදය පියොන්ග් පාලනය සමඟ කරනු ලබන සාකච්ඡා වලදී වඩාත් නම්‍යශීලී වීමට සූදානම් බවයි. එහෙත් සාකච්ඡා ඉදිරියට ගෙනයාමට “දුෂ්කර එහෙත් නිර්භීත තීරණ ගැනීමේ” අවස්ථාව හිමිවන්නේ පියොන්ග් පාලනයට බව ඇය පවසා සිටියාය.

උද්ගතව ඇති තත්වය සම්බන්ධව වෙනත් කෝනයකින් විග්‍රහ කරන පියොන්ග් පාලනය පවසා සිටින්නේ වොෂින්ටනය සම්පූර්නයෙන්ම උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයට නතු වියයුතු යැයි කරනු ලබන බල කිරීම කිසි ලෙසකින්වත් පිලිගත නොහැකි බවයි.පියොන්ග් විග්‍රහයට අනුව එම ඉල්ලීම උතුරු කොරියාවේ ආරක්ෂාව අනතුරේ හෙලීමට කරනු ලබන බල කිරීමකි. සාධාරණ පිළිගත හැකි සාකච්ඡා වසර අවසානයට පෙර ආරම්භ කළ යුතුය යන්න පියොන්ග් පාලනයේ අදහස වී තිබේ.එහෙත් අමෙරිකාව පියොන්ග් පාලනය ඉදිරිපත් කළ කාල රාමුව ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති කෙලී ක්‍රාෆ්ට් මහත්මිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ  උතුරු කොරියාව සම්බන්ධ සමුළුවේදී

ජීවන්ත ජයතිස්ස


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More