දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන අන්තවාදීන්ගෙන් ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල වන බව විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මත්ද්‍රව්‍යවලින් පාසල් දරුවන් බේරාගැනීමට පාතාල ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය නැවැත්වීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් විරුද්ධවාදීන් ඔහුට හිරිහැර කිරීමට උත්සාහ කරන බව මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා දන්තධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහානායක හිමිවරු දෙනම බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. එහි දී ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

රටේ වාසනාවට පහළ වුණු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂා කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අවස්ථාව මේ දෙදෙනාට හිමි වී තිබෙනවා. එම අවස්ථාව රැකගනිමින් රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි.

නගර සංවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී තිබෙනවා. මහනුවර නගරය 2010 – 2015 අතර කාලයේ දී සංවර්ධනය කිරීමේ සැලැස්මක් අපේ පාලන සමයේ ක්‍රියාත්මක වුණා. ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකර පූජා නගරයක් නිර්මාණය කිරීමට අප සැලසුම් කළා. නමුත් පසුගිය වසර හතරෙදි එම සැලසුම් අඩපණ වුණා.

‘‘අපේ පාලනය අඛණ්ඩව පැවතුණා නම් මේ වන විට අප මහනුවරට පැමිණෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයෙන්. ඒ සියල්ල අද අඩපණ වී තිබෙනවා. නමුත් ඒ කාර්යයන් යළි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධානය යොමු කර හමාරයි. ​ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අවවාද, ආශිර්වාද සමග වාණිජ නගරයක් නොව පූජනීය නගරයක් බවට මහනුවර නගරය සංවර්ධනය කිරීමට සැලසුම් කරනවා.’’

-Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More