දේශීය පුවත්

වසර 10කට පසු පාකිස්තානයට ටෙස්ට් කි‍්‍රකට් වසන්තය උදා කරමින් ශි‍්‍ර ලංකාව ලෝකයට බලවත් පණිවිඩයක් ලබාදුන් බව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානී එෂාන් මානි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සිය රට අපහසුතාවලට ලක්වූ බොහෝ අවස්ථාවලදී ශී‍්‍ර ලංකාව ඊට උපකාර කිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප‍්‍රණාමය පුද කරන බවයි.

2009 වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීම අවාසනාවන්ත සිදුවීමක් බවත් කෙසේවෙතත් වර්තමානයේ  ඕනෑම කණ්ඩායමකට පාකිස්තානයට පැමිණ කී‍්‍රඩා කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට එලෙස කී‍්‍රඩා කිරීමට හැකි නම් අනෙක් රටවල කණ්ඩායම්ද පාකිස්තානයට පැමිණ තරග කිරීමට බිය විය යුතු නොමැති බව පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය වූ අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

අද දිනයේ කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 18 ක් පමණයි. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටියා. නොදැවී කඩුල්ලේ රැදී සිටි ධනංජය සිල්වා ලකුණු 72 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 2 ක් ලබා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More