දේශීය පුවත්

රජයේ සේවකයන්ටත් බෝනස්

December 12, 2019 6:18 pm | Lanka Lead News

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත.

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස වැඩිදුරටත්  උපදෙස් දී ඇත.

මේ සඳහා 2018 දෙසැම්බර් මස 07 වන දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගු වේ.

තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More