පසුගිය ආණ්ඩුව මගින් සිදු කරන ලද දේශපාලන පළිගැනීම් ගැන පුළුල් ලෙස සොයා බලා එමගින් අසාධාරණ පත්වූ සියලු දෙනාටම සාධාරණය ඉටු කිරිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ.
පසුගිය ආණ්ඩුව සමයේදී විවිධාකාරයෙන් දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී ඔම්බුස්මන්ට ඒකකයක් පිහිටුවන ලදී. ඊට පැමිණිලි රැසක් ලැබුණු අතර එම සියලු පැමිණිලි ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...