ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.
එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ”වියත් පවුර” විසින් පානදුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට එකිවෙමිනි.
"MCC අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නේ නෑ" – විමල් ප්‍රසිද්ධියේ ම කියයි
"MCC අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නේ නෑ" – විමල් ප්‍රසිද්ධියේ ම කියයි
Gepostet von Lanka Lead News am Mittwoch, 11. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...