ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පවසා පැවසීය.
ප‍්‍රශ්නය – මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර – මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා.
ප‍්‍රශ්නය – එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවානේ?
පිළිතුර – කට වැරදිලා කියපු කතාවක්.
ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝටම කට වරදිනවා. අපි කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පැහැර ගෙන යෑමේ සිද්ධිය කුමන්ත‍්‍රණයක්.
පිළිතුර – ඔව්. වෙන්ඩ පුළුවන් මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්.
හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.
ප‍්‍රශ්නය – එතකොට ඔය ප‍්‍රශ්නය තවත් දුරදිග යයි නේද?
දැන් ඔය කුමන්ත‍්‍රණය සංවිධානය කළ අය පැත්තකට වෙලා ඉන්නවා. ඔබටයි දැන් මේ මඩ නාගන්න වුණේ.
පිළිතුර – ඒක තමයි මං ඔය කුමන්ත‍්‍රණය මහා මෝඩ වැඩක්
– දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...