දේශීය පුවත්

මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මෙම පොදු සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එහි තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක තැනකට ගෙන එකම ලකුණක් යටතේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගත් රජයක් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් බිහිකරන බවත් වජිර අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More