ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මේ බව පැවැසුවේ ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදීය. මෙම හමුව ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ඉදිරියේදී රට සංවර්ධනය කිරීමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී කැපවී ක්‍රියා කළ යුතු බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...