අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනස්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල් දමමින් සිටින නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 31 දෙනෙකු හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සුදානමින් සිටින බව දේහපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ පිරිස දැනටමත් හිටපු ජනාධීපතිවරයා හමුවී සාකච්ඡාකිරීමට වේලාවක් ඉල්ලා ඇත. මෙම 31 දෙනා ඒකාබද්ධ විපක්ෂයට එන්නට කැමැත්ත ඵලකළොත් ඔවුන් සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇතිබව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...