දේශීය පුවත්

රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.

ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා. එසේ නැතිව ඔහු පැනගියේ නැහැ. නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි තමාරා කුමානායගම් සඳහන් කළාය.

ස්විස් රජය රහස් පරීක්‍ෂකවරයා ස්විට්සර්ලන්තයට ගෙන්වීම තොරතුරු සොරා ගැනීමක් බවද ඇය කීවාය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More