දේශීය පුවත්

 

මහ මැතිවරණයේදී ඒකාබද්ධව ඉදිරිපත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මහ මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයද මෙහිදී ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දීර්ඝ කාලයක් සාකච්ඡා පැවැත්විණි. එහිදී ගනු ලැබූ තීරණ මත දෙපක්ෂය අතර ගිවිසුමක්ද අත්සන් කරන ලදී.

මහා මැතිවරණයේදී ඉදිරිපත් වීම පිළිබඳ සාකච්ඡා සඳහා දෙපක්ෂයෙන් ඉදිරිපත් වන කණ්ඩායම මෙතෙක් ප්‍රකාශ කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More