සරණාගතයින් සඳහා පුරවැසිභාවය ලබාදීමට අදාලව ඉදිරිපත් කර ඇති මතභේදාත්මක පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාකට පෙර සම්මත වී තිබේ.
නව පනත යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති.
කෙසේවෙතත් සරණාගතයින් සඳහා පුරවැසිභාවය ලබාදීමට අදාලව ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත තුළින් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳ තමිල්නාඩු දේශපාලන පක්ෂ අප්‍රසාදය පල කර තිබුණි.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පාකිස්ථානය යන රටවලින් පැමිණ සිටින සරණාගතයින් සදහා ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට අදාල පනත් කෙටුම්පතක් මේවන විට ඉදිරිපත් විය.
ඊට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුලත් කර නොමැති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇති තමිල්නාඩු දේශපාලන පක්ෂ අදාල පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ද පහසුකම් සලසන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.
ඉන්දියාවේ රැඳී සිටින දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දී තිබේ.
මේ අතර අදාල පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම පිළිබඳ දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු මෙන්ම වත්මන් දේශපාලනඥයෙකු වන කමල් හසන් ද සිය අප්‍රසාදය පල කර තිබේ.
කෙසේ වෙතත් අදාල පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...