දේශීය පුවත්

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ රැස්වීමක් ඇමතීම සඳහා අද පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණි.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් ඔහුට විරෝධය පල කිරීමත් සමඟයි.

අද පස්වරුවේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් පිරිසක් සංවිධාන කළ රැස්වීමක් සඳහා සහභාගි වීමට හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැමිණ තිබුණි.

කෙසේවෙතත් ඔහුගේ පැමිණීමත් සමග එතනට රැස්ව සිටි පොදුජන පෙරමුණේ තවත් පාක්ෂිකයන් පිරිසක් ඔහුට රැස්වීම් භූමියට යාමට ඉඩනොදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණි.

අනතුරුව රෙජිනෝල්ඩ් කුරේ මහතා රැස්වීම අමතන අවස්ථාවේදීත් එම පාක්ෂිකයින් පිරිස හූ හඩ නගමින් යළිත් විරෝධය පල කළේ මෙලෙසින්.

මෙම තත්ත්වය දැනුම්දීමත් සමග වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වූ පිරිස පාලනය කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව අදාළ රැස්වීම ඉදිරියට කරගෙන යාමට අවස්ථාව හිමිවුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙලෙස අදහස් පල කළේය.

ගුටිබැට හුවමාරුවක පැටළුනු හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

ගුටිබැට හුවමාරුවක පැටළුනු හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

Gepostet von Hiru News am Mittwoch, 11. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More