දේශීය පුවත්

මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රියාලතා පෙරේරා නම් කාන්තාවක් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙසට සිය නම වෙනස් කර ගනිමින් සිදු කළ පැහැර ගැනීම් චෝදනාව පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන්නා.

මේ වනවිට එම පැහැරගැනීම් චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බවට මෙරට විම‍ර්ෂණ නිළධාරීන් අනාවරණය කර ගෙන තිබෙන වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සිදු කළ පරීක්ෂණ වලින් මේ බව අනාවරණය කර ගෙන තිබේ.

මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව රජය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඊයේ (10) රාති‍්‍රයේ ආණ්ඩුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී “මේක සම්පූර්ණ බොරුවක් කියන එක තහවුරු වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙක පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් සොයා ගන්න එක විතරයි.” යනුවෙන්ද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ “රාජිතයි පාඨලීයි එකතු වුණොත් ඔයිට වඩා වැඩ කරයි. අපි ඒ දෙන්නා ගැනම බලාගෙන ඉන්නේ” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More