නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානයේදි ප්‍රදානය කරන ලදී.
මෙහිදී පාපැදි සහ විදුලි මෝටර් රථ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චැං ක්වාන් ජින් විසින් සිදු කෙරුණි. මෙහිදි පාපැදි 50ක් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ 03ක් මෙලෙස නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලදී.
නාවික හමුදාව විසින් නීල හරිත පාරාදීසයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිකුණාමලය, නාවික තථාංගණය තුළ රාජකාරි කරනු ලබන නිලධාරීන් හා නාවිකයින්ගේ අභ්‍යන්තර ප්‍රවාහනය කටයුතු සඳහා මෙම පාපැදි සහ මෝටර් රථ බෙදාදීමට නියමිතය. ඒ අනුව, මෙම පාපැදි සහ මෝටර් රථ නාවික හමුදාධිපතිතුමා විසින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හට ප්‍රදානය කිරිමද අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...