ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන් තේරීමේ කමිටුවේ සාමාජිකයෙකු වන ව්‍යාපාරික සුසන්ත රත්නායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ලංකා ලීඩ් නිවුස් විසින් ජාතික සංවිධාන මතය විමසන ලදී.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන්ම
” අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන් දේ එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළා නම් අද රටක් නැහැ. එදා ආරක්ෂක ලේකම් තේරීමේදී කමිටුවක් පත් කරලා කොළ කෑලි වල වැඩිම සුදුසුකම් තියෙන සහ හමුදාවේ වැඩිම පළපුරුද්ද ඇති අයෙක් තේරුවා නම් අද අපට රටක් නැහැ. නව ආණ්ඩුවක් පිහිටුවනවා කියන්නේ ඒ ආණ්ඩුවේ නායකයින් ගේ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන් දැක්මක්, නායකත්වයක් සහිත නායකයින්ගෙන් සමන්විත රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටු වීමයි. කොළ කෑලි වල තියෙන සුදුසුකම් බලන කමිටුවකට ඒක කරන්න බැහැ. මේ ක්‍රමවේදය ”සීනිබෝල කාරයො” ටිකක් නව ජනාධිපතිතුමාට දුන්නු ලණුවක්. ජාතික බලවේග මේ ලණු කාරයින්ගෙන් වගේම ”බෝන් එගේන්” ආගමික කල්ලි වලින් ජනාධිපතිතුමා සහ ජනවරම බේරා ගන්න ඕන. යමෙක් වෘතිකයෙක් වූ පමණින් නායකයෙක් වෙන්නේ නැහැ. අපට ඕන නායකයෙක්, වෘතිකයෝ පඩියට ගන්න පුළුවන්”
සුසන්ත රත්නායක මහතාට චෝදනා එල්ල කරමින් සිංහලේ ජාතික පෙරමුණ යොමුකළ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...