දේශීය පුවත්

2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි රාජ මහ විහාරස්ථානයේ ශ්‍රි පාද අවාරයේ තැන්පත් කර තිබු සදාතුක කරඬුව , සමන් දේව ප්‍රතිමාවන් , දේව ආභරණ සහ පුජා භාණ්ඩ අලුයම වන විට මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබිණ.

පැල්මඩුල්ල, රත්නපුර,අව්ස්සාවේල්ල,යටියන්තොට,හැටන් , මස්කෙලිය නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්.

පැල්මඩුල්ල , රත්නපුර, පාලාබද්දල , රජ මාවත ඔස්සේ තවත් පෙරහැරක්,

රත්නපුර, කුරුවිට ,එරත්න මාරගය ඔස්සේද ,

තවත් පෙරහැරක් පැල්මඩුල්ල , බලංගොඩ , බගවන්තලාව හරහා නල්ලතන්නිය දක්වාද වැඩ කරනු ලැබුහ.

ශ්‍රි පාදස්ථානය පුජා නගරයක් බවට ගැසට් නිවේදනයක් බවට පසුගියදා ප්‍රකාශයට පත් කිරිමත් සමග තායිලන්තයේ සිට මෙරටට වැඩ කරනු ලැබු බුද්ධ ප්‍රතිමාවක්ද නිරාවරණය කිරීමද සිදුවිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More