හෙට (12) රැස්වන ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගිවීමේ අවස්ථාව විපක්‍ෂ නායක ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට අහිමි වී තිබේ.
ඒ, ඔහු නිල වශයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නොතිබීම හේතුවෙනි.
කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්වෙති.
අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම්දී ඇති බැවින් ඔහුට හෙට රැස් වන ව්‍යවස්ථාදායක සභාවට සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට හෙට රැස්වීමට සිදුවන්නේ විපක්‍ෂ නායකවරයා නොමැතිවයි. ඒ හැර මීට පෙර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සියළු දෙනාට හෙට රැස්වීමට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ නම් කෙරුණි. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝජිතයා ලෙස පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළයි. මීට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් 03 දෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි.
ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් කිසිවෙකුත් ඉවත් කිරීමට බලයක් නොමැති අතර ඔවුන් ඉල්ලා අස්වීම සම්ප‍්‍රදායවේ.
ඒ අනුව නව ආණ්ඩුවක් බිහිවුවද, ව්‍යවස්ථාදායක සභාවේ හිටපු නියෝජිතයින්ගෙන් සමන්විතව එහි මීළග රැස්වීම හෙට පැවැත්වෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...