පැහැරගත් බවට චෝදනා නගමින් මතභේදාත්මක සිද්ධියකට මුහුණ දී සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියතු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සිංහල කාන්තාවක් බැව් හෙළිදරව් වී තිබේ.
ඇයගේ මුල් නම ශ්‍රියාලතා පෙරේරා වන අතර ඇය ආගම වෙනස් කිරීමෙන් පසු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙස නම වෙනස් කරගෙන තිබේ. ඇයගේ උපන් ගම කැලණිය වන අතර ඇය සරත් ෆොන්සේකා මහතා කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ අසාන සංවිධායක වීමට පෙර එම තනතුර හෙබ වූ බෙවන් පෙරේරාගේ ලේලිය බවටද හදුනාගෙන ඇත.
වාර්තාවන තොරතුරු අනුව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ තේ හදන සේවිකාව ලෙස රැකියාව කර ඇති මෙම නිලධාරිනිය නිශාන්ත සිල්වා ස්විස් යැවීමට ඍජුව දායක වී ඇති බවට කරුණු තහවුරු වී ඇති බවටද ජාතික සංවිධාන චෝදනා කරයි.
මේ වනතුරු ස්විස් තානාපතිවරයා රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විස් යෑමට සංක‍්‍රමණික අයැදුම්පත් ලැබුණේ කෙසේ දැයි හෙළිකර නැත. කෙසේ වෙතත් ජාතික සංවිධාන පවසන්නේ පසුගිය දිනවල රාජිත සේනාරත්න මෙම කාන්තාව පිළිබඳව මාධ්‍ය හමුවකදී කළ පිස්තෝල කතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළහොත් සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකියාව තිබෙන බවය.
මේ අතර ඊයේ පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකදී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ හමුදාව අපකීර්තියට ලක් කිරීමට කටයුතුකළ නිමල්කා ප්‍රනාන්දු මහත්මියගේ පුතෙකු වන කනිෂ්ක රත්නප්‍රිය මේ වන විට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියා ලෙස කටයුතු කරන බවය.
ස්විස්ටර්ලන්ත නටකය පිළිබඳව ජාතික පුවත්පකට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ‘‘ රටේ ආරක්ෂක හමුදාවලට මහා විනාශයක් සිදු කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි දුකිරීම සඳහා රඟ දැක්වෙන ස්විස් නාටකය වියුක්තව තේරුම් ගුනීම බලවත් දේශපාලන වරදකි. මෙම නාටකය 2015 දී ජිනීවාහිදී ආරම්භ වූ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියේ සහ 2019 පූර්ණ මැතිවරණ සමයේ දී දියත්වූ මඬ ව්‍යාපාරයේම දිගුවකි. ඒ නිසා වේදිකාවේ තිරය විධිමත්ව සවා දැමීම යනු සමස්ථ කුමන්ත්‍රණයට මුහුණ දීමේ උපාය මාර්ගයේම කොටසක් බව නැවත අවධාරනය කළ යුතුය. ‘‘ යන්නයි.
සම්පූර්ණ ලිපියට මෙතනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...