යහපාලන ආණ්ඩුව විසින් නිහඬ බෝම්බකරුවන් වැනි පිරිසක් තානාපතිවරු ලෙස ස්ථානගත කර ඇති බවත් ඔවුන් වහාම තානාපති සේවයෙන් ඉවත්කර ලංකාවට ගෙන්විය යුතු බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඊයේ (10) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වඩිදුරටත් පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ තානාපති ලෙස කටයුතු කරන ජේ. සී. වැලිඅමුණ වැනි රටට අපකීර්තිය ගෙන එන පුද්ගලයන් වෙනුවට රට ජාතිය ගැන සිතන පුුද්ගලයන් පත්කළ යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මෙසේ ද කීය –
‘‘ අපි සුසිල් ප්‍රේමජයන්ත විදේශ කටයුතු රාජය ඇමැතිවරයා හමුවොල ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධව අපි ගෙනගිය වැඩපිළිවෙළ පැහැදිලි කළා. ඒ අනුව ඉදිරි වැඩපිළිවෙළට අපට සහයෝගය ලබා දී ඉදිරියට ගෙන යන්න එතුමා එකඟ වුණා. අපි රජයෙන් ඉල්ලුවා අපට තියෙන ස්වාභාවික යුක්තියේ අයිතිය භාවිත කරන්න අපට අවස්ථාව ලබාදෙන්න කියලා. ලබන මාර්තු මාසේ ගෝලීය සංසදය ලෙස ජිනීවා නුවරට යාමට අපි බලාපොරොත්තු වෙනවා. එතැන දී 30 – 1 ජිනීවා යෝජනාවලිය අභියෝගයට ලක්කරමින් නැවත විමර්ශනය කිරීමට අවශය පියවර ගන්නවා.
ඒ වගේම යහපාලන ආණ්ඩුව නිහඬ බෝම්බකරුවන් වගේ තානාපතිවරු ටිකත් ස්ථානගත කරලා තියෙනවා. රජයට බල කරලා කියනවා මේ පුද්ගලයන් අයින් කරන්න කියලා. උදාහරණයක් විදියට ඔස්ට්‍රේලියාවේ තානාපති ලෙස කටයුතු කරන ජේ. සී. වැලිඅමුන වගේ කෙනෙක් වහාම ලංකාවට කැඳවන්න ඕන. ලැබිලා තියෙන තොරතුරුවලට අනුව ඔහු රාජ්‍ය ආයතන, ජනමාධ්‍යවලට ගිහිල්ලා අපේ රටේ ජීවත්වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. ඒ සඳහා ද්‍රවිඩ සරණාගතයන් යොදාගන්න ඔහු ක්‍රියාකරනවා. මට පේන විදියට ඔහු සූදානම් වන්නේ ඔහුට සරණාගතභාවය ඉල්ලන්න. අපි ජනාධිපතිට කියනවා යහපාලන ආණ්ඩුව පත්කළ මේ රටට කැළැලක් ඇති කරන තානාපතිවරුන් ගෙන්වලා ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් ස්ථානගත කරන්න කියලා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...