පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය බේරා ගැනීම සඳහා මෙරට එන්ජී ඕ ප‍්‍රධානීන් පස් දෙනකු දැඩි උත්සාහයක යෙදෙන බව රජයට අනාවරණය වී ඇත.
මින් එක් අයෙක් ස්විස් තානාපති කාර්යාලය සමග දැඩි සබඳකම් පවත්වන අතර පෙරේදා (9 දා) රාත‍්‍රියේ ඔහු රහස් පොලිස් මූලස්ථානය අසල රැඳී සිටි බව බුද්ධි සේවා නිලධාරීන් දැක තිබේ.
තානාපති නිලධාරිනියගේ සිද්ධිය වාර්තාවීමත් සමගම මෙම එන්ජී ඕ ප‍්‍රධානියා ස්විස් තානාපති කාර්යාලය වෙත ගොස් තානාපති නිලධාරිනිිය හමුවී ඇත. මේ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානින්ට අරමුදල් සපයන්නේ ස්විස් රාජ්‍ය නොවන සංවිධානයකිනි.
මෙම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් සමුළුවලට සහභාගිවී ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...