දේශීය පුවත්

දින තුනක් තුළ ගානියා ෆ‍්‍රැන්සිස් නමැති කාන්තාව රහස් පොලිසියට ලබාදුන් කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී නිසා ඇය වෙනුවෙන් පෙනී සිටි ස්විස් තානාපති හැන්ස් පීටර් මොන් මහතාට මෙරටින් පිටව යෑමට සිදුවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ වනතුරු ස්විස් තානාපතිවරයා රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විස් යෑමට සංක‍්‍රමණික අයැදුම්පත් ලැබුණේ කෙසේ දැයි හෙළිකර නැත.

මේ සංක‍්‍රමණික අයැදුම්පත් ලබාදෙන්නේ ස්විස් තානාපති කාර්යාලය විසිනි.

රහස් පරීක්‍ෂකවරයා සිය පවුලේ අය සමග ස්විට්සර්ලන්තයට පිටව ගියේ සාමාන්‍ය වීසා අයැදුම්පතක් පුරවා නොවන බව රජයට හෙළි වී ඇත. මේ සංක‍්‍රමණික අයැදුම්පත් සකසන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සංක‍්‍රමණික නිලධාරියා විසිනි.

මෙම පසුබිම යටතේ නිශාන්ත සිල්වා ස්විස් යැවීමට මෙම නිලධාරිනිය ඍජුව දායක වී ඇති බවට කරුණු තහවුරු වී ඇත. ස්විස් තානාපති හැන්ස් පීටර් මොන් මහතා මෙම නිලධාරිනියගේ සිද්ධිය ගැන රජයට චෝදනා කළ අතර ඔහු විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවේ සිය සේවිකාවගේ ප‍්‍රකාශවල පරස්පර විරෝධතා ඇතැයි පිළිගෙන නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More