තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභාවක් කැදවීමට එම ප්කෂයේ ජේෂඨයින් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ජාතික ආණ්ඩුවට පක්සය එක්වියයුතු බව යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ තීරණයකට අනුවය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාව කැඳවා පැහැදිලි තීරණයක් ගතයුතු බව එම පක්ෂයේ ජේෂ්ඨයින්ගේ අදහසයි.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිවරයාට එහි බහුතර බලයක් තිබෙනවාද කියා මේ වන විට යම් සැකයක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසකගේ අදහස වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...