දේශීය පුවත්

පොලිස් පරීක්ෂක නිහාන්ත ද සිල්වාට රටින් පැන යාම සඳහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉඩ ලබා දුන්නේ කෙසේද යන්න ගැටළුවක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (10) පෙරවරුවේ රාජගිරිය  ජාතික සංවිධාන පොදු  මධ්‍යස්ථානයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වීරසේකර මහතා පවසා සිටියේ පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර උවමනාව මත යුද අපරාධ චෝදනා  එල්ල කරමින් රණවිරුවන් සිරගත කිරීම සඳහා ගෙන ගිය වැඩ පිළිවලට නිශාන්ත ද සිල්වා සක්‍රීයව දායක වූ බවය.

‘‘නිශාන්ත ද සිල්වා කියන පොලිස් පරීක්ෂකවරයා යොදාගෙන ස්විට්සර්ලන්තය ලෑස්තිවෙන්නේ මේ රටට එල්ලවෙලා තියෙන යුද අපරාධ චෝදනා ඔප්පු කරන්න. නිශාන්ත ද සිල්වා සිංහල නමක් දාගත්ත කෙනෙක්. ඔහුගේ නම කන්දප්පා. තවමත් පොලිස් සේවයේ යෙදී සිටින මේ කන්දප්පාට පොලිසියේ ආයතන ප්‍රධානියාගේ අවසරය නැතුව ස්විස් තානාපති කාර්යාලය මගින් වීසා ලබාදුන්නේ කොහොමද? රටට අවමන් කරන නිලධාරීන් යොදාගෙන ඒ රටවල්වල සැපපහසුකම් මේ පුද්ගලයන්ට දීලා අපේ රට තවතවත් පීඩාවට පත්කරන එක තමයි ඔවුන් කරන්නේ.

සමාජ ක්‍රියාකාරිනියක් ලෙස පෙනී සිටින නිමල්කා ප්‍රනාන්දු කියන තැනැත්තිය මානව හිමිකම් කවුන්සිලයේ සිටින කාලයේ එල්. ටී. ටී. ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුවෙලා අපේ රටට අභූත චෝදනා එල්ල කළා.

ඒ නිමල්කාගේ පුතා වූ කණිෂ්ක රත්නප්‍රිය අද ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති කාර්යාල​යේ දේශපාලන නිලධාරියා ලෙස කටයුතු කරනවා. ඔහුගේ බිරිඳ වෙන්නේ ජයදේව උයන්ගොඩගේ දියණියයි. ජයදේව නිමල්කා මේ සියලු දෙනාම මේ රට ෆෙඩරල්කරණය කළ යුතුයි කියන ස්ථාවරයේ සිටින පුද්ගලයන්. මේ ජාලය කුමක්ද කියලා අපිට දැන් පැහැදිලියි.

නිමල්කා ප්‍රනාන්දු අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ සේවය කරන හත්දෙනාගෙන් එක්කෙනෙක්. ඒ කණ්ඩායම තමයි අද ත්‍රස්තවාදීන්ට වන්දිගෙවීමේ කාර්යයේ නියැළිලා ඉන්නේ. ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව සොයා බැලීමේ වගකීම මේ රජයේ වගකීම වෙනවා.

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව හිංසනයට ලක් කළා කී සැණින් මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම පැහැදිලිවම එය හෙළා දැක්කා. දීපිකා උඩුගම පාස්කු ප්‍රහාරයෙන් තුන්සිය ගාණක් මැරුණහම එය හෙළා දකිනවා කිව්වේ නෑ. මේ වගේ පුද්ගලයන් මොනතරම් නින්දිත ලෙස ද අපේ රට පාවා දෙන්නේ.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More