මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දා නීතියට පිටින් සහල් මිල වැඩි කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර මහ කන්නයේදී කුණු කොල්ලයට ගොවීන්ගෙන් ලබා ගත් වී මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් මේවන විට වෙළදපොලට මුදාහරිමින් සිටින බවය.
සම්පූර්ණ නිවේදනය පහතින් –
2019/05/ 31 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් අංක 2125/66 අනුව සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 කි. සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 කි. මෙම මිලට වඩා සම්බා සහල් සහ නාඩු සහල් අලෙවි කිරීම නීති විරෝධී වේ.
එහෙත් 2019/12/10 දින මහාපරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපතිලේකම්වරයා කරන ලද සාකච්ඡාවකින් පසු එකග වී ඇත්තේ සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 ක මුදලකටත් අලෙවි කිරීමටය. ඒ අනුව අද දින සිට සහල් මිල වැඩි කර ඇත. එසේ කර ඇත්තේ නීති විරෝධී ආකාරයටය. අපට ඇති පුදුමය නම් ජනාධිපති ලේකම්වරයා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවනොදැන සිටීමය.
කෙසේ වෙතත් සාමාන්‍ය නීති පසෙකලා නව රජය ව්‍යාපාරිකයින් සමග ඇති කරගෙන තිබෙන මෙම එකගතාවයට අප සංවිධානයේ විරෝධය පල කරන අතර ඉතා ඉක්මනින් උක්ත ගැසට්පත ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බල කරමු.
මෙවර මහ කන්නයේදී කුණු කොල්ලයට ගොවීන්ගෙන් ලබා ගත් වී මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් මේවන විට වෙළදපොලට මුදාහරිමින් සිටී. බොහෝවිට එම ව්‍යාපාරිකයින් මෙම වී මිලදී ගෙන ඇත්තේ රුපියල් 32.00- 35.00 අතර මිලකටය මෙම වී සදහා රජයේ සහතික මිල වන්නේ රුපියල් 41.00 කි.
සහල් සදහා වන මිල සූත්‍රය වන්නේ වී කිලෝ එකක මිල x 2.1 කි. ඒ අනුව සම්බා කිලෝ එකක් මහාපරිමාන සහල් ව්‍යාපාරිකයින්ට සිල්ලරට රුපියල් 68.00 ක හෝ රුපියල් 73ක මිලකට අලෙවි කල හැක. රජයේ සහතික මිල අනුව මිලදී ගත්තේ නම් රුපියල් 85.00 ක මිලකට අලෙවි කල හැක.
මේවන විට රජය විසින් මිලදී ගත් රතු කැකුලු මෙට්රික් ටොන් 20000 ක් ගබඩා තුල ගොඩ ගසා ඇත. මෙම අවස්ථාවේ එම සහල් සහන අලෙවි සැල් හරහා වෙළදපොලට නිකුත් කළේ නම් සහල් මිල පාලනය කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු එසේ තිබියදී මෙම රජය සහල් මාෆියා පාරිභෝගිකයා ගසා කෑමට ඉඩ දුන්නේ ඇයිද? යන්න සොයා බැලිය යුතුය.
ජනාධිපතිතුමනි සහල් මාෆියා තිත තියන්න ජනතා බලාපොරොත්තුව එයයි!
ස්තුතියි,
මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...