ඉදිරි මහ මැතිවරණයේදී ආසන එකසිය දහතුනක් දිනාගැනීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂයට සහායදුන් පාර්ශ්වවලට ස්තුතිකිරීම සඳහා පැවති වැඩසටහනකදීයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ සිවිල් සංවිධාන නියෝජිතයන්ට සිය ස්තුතිය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඔවුන්ව මුණගැසුණි.
මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේය.
“ජනාධිපතිවරණයේදී ඔබ සියලුදෙනා කරපු සේවයට පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා.
අපේ තිබුණු සැලැස්මට අනුව ක්‍රියා කළානම් අපි වෙන තැනක මුණගැහෙන්නේ.
මේකෙන් අධෛර්යවත් වෙන්න වුවමනා නැහැ.
පාර්ලිමේන්තුවේ අපිට මේ ප්‍රතිඵලය අනුව ආසන 103ක් 104ක් ලබාගන්න පුළුවන්.
අපි ඉලක්ක කරගන්න ඕනේ 113 ගන්න.
අපි ඒ සඳහා කොහොමද උපක්‍රමශීලීව අනෙක් ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්ක ක්‍රියාකරන්නේ කියන එක තමයි තියෙන්නේ.
පළමු එක සියල්ලන් එකතු කරමු. එකතු කරලා අපි ඉදිරියට යමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...