දේශීය පුවත්

මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ VIP පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට

චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩිලාන් පෙරේරා පැවසීය.

ඔහු මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදි ඔහු මෙසේද පැවසීය.

”ජනාධිතිතුමා මේ රටේ  දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.

ජනාධිපතිවරයා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන්නා.

ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත්‍රීකයින් පැමිණෙන විට එය භාවිතා කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවා පමණයි.”

 

රාජ්‍ය ඇමති දුමින්දත් සාමාන්‍ය පර්යන්තයෙන්…

මේ අතර තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද පසුගිය 08 දින කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු අසියානු ක්‍රීඩා උළෙළේ නිල රාජකාරියක් සඳහා නේපාලය බලා පිටත් වූ අතර එහිදී ඔහුද භාවිතා කලේ කටුනායක ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More